2019 අලුත් අවුරුදු තෑගි.

2019 new year shehan
2019 shehan


අලුත් අවුරුද්ද උදා වෙලා. ගිය අවුරුද්දේ අලුත් අවුරුද්දට යහළුවන්ට නෑදෑයන්ට සුභ පැතූ හැටි තවම මතකයි. හරියට නිකං අද ඊයේ වගේ. අවුරුද්දක් ගෙවුණු ඉක්මන. දැං ඉතිං ඉදිරි මාස කිහිපය තුළ දිනය ලිවීමේදී 8 ඉලක්කම හා 9 ඉලක්කම මාරු වී ලියවීම සුලභ සිද්ධියක් වනු ඇත.

Shehan Social Media Messages 2019
Social Media Messages

Shehan New Year Wishes
New year Wishes

අලුත් අවුරුද්දක් උදාවෙනවාත් එක්කම සියලුම සෝෂල් මීඩියා හරහා සුභපැතුම් නොකඩවා ගලා ඒම සිදුවෙයි. 31 රෑ යහළුවන් සමඟ තමන්ගේ ආදරණීයයන් සමඟ ගත කිරීමට අපි කැමතිය. ඇතැම් අය ආගමික ස්ථානවල පන්සලේ හෝ පල්ලියේ වේවා නව වසර උදාව ගත කරයි. ඇතැම් අය නව වසරට ඇතුළුවීම උත්සවාකාරයෙන් සමරයි.
කෙසේ හෝ වේවා නව වසරක් උදා වෙනවාත් එක්කම ගෙවුණු වසරේ සිද්ධවුණු දේවල් මෙනෙහි කරන්නත් නව වසරට නව අදහස් නව ඉලක්ක ඇති කරගන්නත් අපි හැම කෙනෙක්ම පෙළඹෙනවා.
Shehan celebrate with friends and loved ones
New Year Celebrations 2019

shehan 31st night celebrations 2019 fireworks
31st Night fireworks

shehan prosperous new year 2019
Religous

ගිය අවුරුද්දේ බොහෝ දේවල් අපේ ජීවිත වල සිදුවුණා. ඒ අතර හොඳ මෙන්ම නරකත් තියෙනවා. 
ගිය අවුරුද්දේ මට සිදුවුණ හොඳම සිදුවීම මේ විදිහට කියන්න කැමතියි.


විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදිහට ඉගෙනගන්නවාට අමතරව අපි උසස් පෙළ හදාරන නංගිලා මල්ලිලා ට ප්‍රයිවට් ටියුෂන් දෙන එක ඉතිං අලුත් දෙයක් නෙවෙයිනේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපේ සහෝදරයොත් දෙහිවල රත්මලාන මොරටුව අවට උසස් පෙළ ළමයින්ට අමතර පන්ති කරනවා. ටියුෂන් මාස්ටර් කෙනෙකු වෙන්නට හිතාගෙන නෙවෙයි. තමන් දන්න දේ තව කෙනෙකුට කියාදෙන ගමන් එදිනෙදා වියදම් ටික කවර් කරන්න පොඩි මුදලක් හොයාගන්න. 

ඉලෙක්ට්රොනික් ඉංජිනියරිං කළාට පොඩිකාලේ ඉඳලාම මම ගොඩක්ම ආසා කරපු විෂයක් තමයි IT. 
Computer එකෙන් පොඩි පොඩි programs හදන්න games හදන්න Graphic designing, video editing , 3d modeling  මේවට තියෙන ආසාව නිසාම උසස් පෙළ කරලා ඉවර වුණු ගමන් පරිගණක විද්‍යාව ගැන උසස් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කලා campus select වෙන්න කලිං.
Academic පැත්තෙන් ඉදිරියට යන්න තියෙන ආසාව නිසාම Instructor කෙනෙක් විදිහට ඒ ආයතනයේම අවුරුද්දක් විතර වැඩ කලා. 
එතන වැඩ කරන කාලේ ගොඩක් දක්ෂ පලපුරුදු lecturers ලත් එක්ක එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. කෙනෙකුට දෙයක් තේරෙන විදිහට කියලා දෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තේ ඒ සර්ලා මැඩම්ලගෙන්.


එතනින් අයින් වෙලා මගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් campus ආවත් ජූනියර් මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි computer science ප්‍රශ්නයක් ආවම මගෙන් ඇහුවොත් ඒකෙ ඉතිහාසෙ ඉඳලාම කියලා දෙන පුරුද්ද ආවේ ඔවුන්ගෙන්.
මේ විස්තරේ කිව්වට පස්සේ මගේ ටියුෂන් විෂය විදිහට උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) තෝරගන්න එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. 


===========================================================


මම ඒලෙවල් අයි.සී.ටී පන්ති කරන්න පටන් අරං දැන් අවුරුදු 3ක් විතර වෙනවා. කම්පියුටර් එක්ක වැඩ කරන්න තියෙන ආසාව නිසාම තමයි අයි.සී.ටී සබ්ජෙක්ට් එක උගන්වන්න ගත්තේ. පන්තියක් කරලා ළමයෙකුට හොද රිසාල්ට් එකක් අරං දෙන එක හොද වැඩක්.  මම ටියුෂන් ෆීල්ඩ් එකට අලුත් නිසා උගන්වන හැම ළමයෙකුටම උපරිම රිසල්ට් එකක් අරගෙන දෙන්න ඕනේ. එතකොට තමයි කටින් කට ආරංචිය ගිහිල්ලා අලුත් ළමයි පන්තියට එන්නේ.    

මගේ වාසනාවට, පන්ති පටන් ගත්තු මුල් කාලෙ ඉදලාම සබ්ජෙක්ට් එකට දක්ෂ ළමයින්ට පන්ති කරන්න අවස්ථාව ලැබුනා. හැම රිසල්ට් එකක්ම A එකක් හෝ B එකක් මිසක් ඊට අඩු රිසල්ට් ආවේ නෑ. අයි.සී.ටී කණ්ඩායම් පන්ති නිවසට පැමිණ උගන්වනු ලැබේ කියලා බෝඩ් එකකුත් ගේ ඉස්සරහම දැම්මේ මේ නිසා.

මොනතරම් රිසල්ට් ආවත් මේ රිසල්ට් එකක්වත් 100% ක්ම මට අයිති රිසල්ට් නෙවෙයි. ඒ රිසල්ට් වල වැඩි අයිතිකරුවන් ඒ ළමයි. එයාලගේ පාසල් ගුරුවරු සහ එයාලගේ අධ්‍යාපනයට වියදම් කරපු දෙමව්පියන්. අනිත් අතට මේ ළමයි හැම කෙනෙක්ම වගේ මේ විෂයට දක්ෂ ළමයි. පොඩි කාලෙ ඉදලාම කම්පියුටර් මොබයිල් ෆෝන් ගැන දන්න ළමයි. වැඩි දෙනෙක් රටේ ප්රසිද්ධ පාසල් වල ඉගෙනුම ලබපු අය.
ඉතින් මේ ප්රතිඵල හැම එකක් එක්කම ගුරුවරයෙක් හැටියට මගේ හිතට වද දෙන කාරණයක් තිබුනා. "මේ ප්රතිඵල වලින් මට හොදට උගන්වන්න පුලුවන් කියන දේ ඔප්පු වෙනවාද ?" "මම ඇත්තටම දක්ෂ ගුරුවරයෙක්ද?"

2017 අවුරුද්දේ දෙසැම්බර් මාසේ දවසක අපේ ගෙදරට ළමයෙක් ආවා පන්තියක් ගැන කතා කරගන්න. 
කොල්ලා වැඩිය කතා කලේ නැහැ. ළමයාගේ අම්මා ඒ වෙනුවට මං එක්ක කතා කළා. මේ ළමයා තුන්වෙනි පාරට ඒ ලෙවල් කරන ළමයෙක්. කලින් දෙපාරම මැත්ස් වලින් ඒ ලෙවල් කරලා විෂය 3ම ෆේල් වෙලා. මේ වතාවේ තාක්ෂණවේදය විෂය ධාරා‍වෙන් (ටෙක්) වලින් ඒ ලෙවල් කරන්න තීරණය කරලා. 

අයි.සී.ටී කියන විෂය ගැන කිසිම පෙර දැනුමක් මේ ළමයට නැහැ. සාමාන්‍ය පෙළට අයි.ටී කරලත් නැහැ. ගෙදර කම්පියුටර් එකකුත් නැහැ. ඒ තියා ස්මාට් ෆෝන් එකක් නැහැ. ප්රායෝගිකවත්, සෛද්ධාන්තිකවත් තොරතුරු හා සන්නිවේදන විෂය ගැන කිසිම දැනුමක් නොතිබුණු ළමයෙක්. මේ ළමයා ඉස්කෝලේ හිටපු ශිෂ්‍ය නායකයෙක්. එකට හිටපු යාලුවෝ සේරම ඒ.ලෙවල් පාස් වෙලා කැම්පස් ගිහින්, පිටරටවල් ගිහින්, සමහරු රස්සා කරනවා. මෙයාට විතරක් ඒ.ලෙවල් නැති නිසා ඉදිරියට යාගන්න බැහැ. බොහොම කනස්සල්ලෙන් තමයි මං එක්කත් කතා කළේ. 

"සර් මට කොහොම හරි ඒ.ලෙවල් පාස් වෙන්න තිබුණා නම් ඇති." ළමයාගේ එකම ඉල්ලීම වුනේ ඒක. තරුණ කොල්ලෙක් විදිහට මේ ළමයා ඉන්න අසරණ මානසිකත්වය ගැන මට ලොකු කනස්සල්ලක් ඇති වුනා. 

" මල්ලි බය වෙන්න එපා. අයි.සී.ටී කියන්නේ හරිම ලේසි විෂයක්, මහන්සි වෙලා පාඩම් කලොත් මේ මාස 7ත් හොදටම ඇති  හොද රිසාල්ට් එකකට යන්න." කොල්ලගේ හිත හැදෙන්න එහෙම කිව්වත් යටි හිතෙන් මං හිතුවේ මේක ඇත්තටම කරන්න පුලුවන් දෙයක්ද නැද්ද කියන එක. 

" හ්ම්ම්.. පුලුවන් තරමක් උගන්වනවා. පාස්  නොවුනොත් ඒක ඒ වෙලාවට බලා ගමු"

ඊළග සතියේ ඉදන් පන්තිය කරන්න පටන් ගත්තා. පළවෙනි දෙවෙනි පාඩම් දෙක හිමින් කරගෙන ගියා. ඒවා ලේසි පාඩම්. මුලදි නම් අයි.ටී ගැන දැනුමක් නැති එක ප්රශ්නයක් වුනත් පොඩි ළමයෙකුට උගන්නනවා කියලා හිතාගෙන දිගටම කරගෙන ගියා.
මෙහෙම කරගෙන යනකොට එක දෙයක් තේරුණා. කොල්ලා ඉගෙන ගන්න උනන්දුයි. පාඩම් කරන්න කියවන්න දෙන නෝට් එක මොනතරම් දිග නෝට් එකක් වුනත් ඒ සේරම සම්පූර්ණ කරගෙන ඇවිල්ලා නොතේරෙන හැම දෙයක්ම නැවත අහගන්න පුරුද්දක් මේ ළමයට තියෙනවා.  මේක ගොඩක් දුලබ දෙයක්. පන්ති කරන ළමයි ගොඩදෙනෙක් වැඩිපුර ගෙදර වැඩ දෙනවට කැමති නැහැ. 
තමන් විෂය ගැන නොදන්න නිසාම ඒක ගැන හරියට දැනගන්න ලොකු උනන්දුවක් මේ ළමයා තුළ තියෙන බව මම දැක්කා.  ඉතිං මමත් මං ළග තිබුනු පරිගණක සගරා සහ පොත් මේ ළමයට කියවන්න කියලා ලබා දුන්නා. හැමදාම අයි.ටී ගැන අලුත් ප්රශ්නයක් අරගෙන තමයි මේ ළමයා පන්තියට එන්නේ. ඉතිං හැමදාම විෂයට අමතරව ප්රායෝගික දැනුම ගැනත් කියලා දෙන්න පුලුවන් වුනා.

 3 වෙනි සහ හතරවෙනි පාඩම් වල ගණන් හදන්න තියෙන්නේ. හැම ළමයෙක්ම වැඩිපුර ආසා මේ පාඩම් වලට. පාඩම් කරන්න තියෙන ප්රමාණය අඩු නිසා. මම බලාපොරොත්තු වුනාට වඩා හොදට මේ පාඩමේ ගණන් හදන්න මේ ළමයට පුලුවන්කම තිබුණා. 

"මෙයාව පාස් කරවන්න පුලුවන්" කියන විශ්වාසය දැන් ටික ටික මගේ හිතේ ගොඩ නැගීගෙන එන්න ගත්තා. 

7,8,9 වගේ පාඩම් එද්දී තමයි අමාරු. ගොඩක් ළමයින්ට ප්රායෝගික දැනුම අඩු නිසා මේ පාඩම් හරියට කරගන්න බැහැ. ගොඩක් ළමයි මේ පාඩම් වලින් විභාගෙට එන ප්රශ්න අතහරිනවා.   
පරණ විභාග ප්රශ්න පත්තර වලට උත්තර ලියන ගමන් මේ පාඩම් තේරුම් ගන්න එක තමයි හොදම. 

පාඩම උගන්නනවාට අමතරව පන්ති ඉවරවෙලා හැමදාම පැය භාගයක් විතර මං එක්ක කතා කර කර ඉදලා යන එක මේ ළමයාගේ පුරුද්දක්. විශේෂයෙන්ම එයාට තියෙන එක එක මානසික ප්රශ්න ගැන මං එක්ක කියනවා. ගෙදර ප්රශ්න, ආර්ථික ප්රශ්න. ගියපාර විභාගෙ ඇනගන්න ලොකුම හේතුව දැනගත්තේ ඒ වෙලාවේ. ගෑණු ළමයෙකුගේ ප්රශ්නයක්. අපිත් ඔය වයසෙ හිටපු හින්දා උනේ මොකක්ද කියලා හිතා ගන්න පුලුවන් වුනා. 

දෙපාරක්ම ඒ ලෙවල් ෆේල් වෙලා මානසිකව වැටිලා ඉන්න නිසා මේ ළමයාගේ හිත හදන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා හැමදාම පැය භාගයක් මේ කතාකිරීම දිගටම කළා. 
 අන්තිම මාසේ තමයි වැඩිපුරම වැඩ තිබුණේ. සතියට දවස් 4ක් 5ක් විතර එකදිගට පන්ති කළා. සල්ලිත් එපා කියලා නොමිලේම කළා. 

අන්තිමට විභාගය පැවැත්වුනා. ප්රතිඵල ආවේ දෙසැම්බර් 30.

C 2යි S 1 යි. අයි.සී.ටී වලට C එකක්. 

මට හරිම සන්තෝසයි. හරියට නිකං මම විභාගේ පාස් වුනා වගේ. 

පහුවෙනිදා උදේම අම්මත් එක්ක රිසාල්ට් කියන්න ළමයා ඇවිත් හිටියා. හැමෝටම හරිම සන්තෝසයි. ඒ අම්මගේ ඇස්වල සතුටු කදුලු. 

මොනතරම් හොද රිසල්ට් ළමයින්ට අරං දීලා තිබුණත් මේ තමයි මම අවංකවම සන්තෝස වුනු ප්රතිඵලය. " අනේ පුතාට ගොඩක් පිං. අපේ පුතාව පාස් කරලා දුන්නට. අයි.ටී ගැන කිසිම දෙයක් නොදැන කම්පියුටරයක් වත් පාවිච්චි කරන්න දන්නැතුව හිටියේ. " 
" යාලුවෝ හැමෝම පාස් වුනා මට විතරක් බැරි වුනා කියලා සම්පූර්ණයෙන්ම මානසිකව වැටිලා හිටියේ"  

2019 අලුත් අවුරුද්දට මට ලැබුණු හොදම අවුරුදු තෑග්ග තමයි මේ. මම මගේ වැඩේ හරියට කලා. ඒකෙන් මම නොදැනුවත්වම තව කෙනෙක්ගේ ජීවිතේ ගොඩනගාගන්න උදව් වෙලා.

තමන්ගේ වැඩේ හරියට කරන ගමන් හැම වෙලාවෙම තව කෙනෙක්ට උදව්වක් කරන්න මේ අවුරුද්දේ අපි හැමෝම පුරුදු වෙමු.

සුභ අලුත් අවුරුද්දක් වේවා!!

Advice from Shehan

Shehan love and help others


Shehan help others
Help Others


Comments

Post a Comment

Experience of Ravindu Shehan

Experience of Ravindu Shehan
Experience of Ravindu Shehan

Shehan's creations

Shehan's creations
Shehan's creations

Shehan's thoughts

Shehan's thoughts
Shehan's thoughts

Engineer Ravindu shehan

Engineer Ravindu shehan
Engineer Ravindu shehan

Popular posts from this blog

ලංකාව තියෙන්නෙ දකුණෙ ( විනෝද චාරිකා)

ඉංජිනේරු රස කතා

Dock

RLOGO

RLOGO