කිසිදා නොනිදන සීතල කාමර - Servers


Intern Diaries Shehan



2018 අවුරුද්ද කියන්නේ අපේ බැච් එකේ 3වෙනි අවුරුද්ද. තර්ඩ් ඉයර් එකේ තමයි ඉන්ඩස්ට්‍රියල්  ට්‍රේනිං යන්න තියෙන්නේ. අපේ බැච් එකේ හැම කෙනෙක්ම ලංකාවේ විවිධ ප්‍රසිද්ධ ආයතන වල ට්‍රේනිං ගියා. ඉලෙක්ට්‍රිකල් අය C.E.B, LeCo අපේ ටෙලිකොම් කට්ටිය රටේ ප්‍රසිද්ධ දුරකථන සමාගම් වල ට්‍රේනිං ගියා. (SLT, Dialog,Mobitel...)


මටත් ලංකාවේ ප්‍රමුඛ පෙලේ සන්නිවේදන සමාගමක පුහුණුව ලබන්න අවස්ථාව ලැබුණා. ට්‍රේනිං කාලය මාස 6යි. මාස 6ටම ආයතනයේ එක එක සෙක්ෂන් වල මාරු වෙමින් පුහුණු වෙන්න අවස්ථාව ලැබුණා.

මෙහෙම ඉන්නකොට තමයි අපිව ඩේටා සෙන්ටර් එකට මාරු කලේ. (කලින් හිටපු සෙක්ෂන් එකේ පුහුණුව සම්පුර්ණ වුනු නිසා.)

ඩේටා සෙන්ටර් එකක් කියලා කියන්නේ හරි අපූරු තැනකට. මේක ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ තාක්ෂණයක්.
ඩේටා සෙන්ටර් කියන කන්සෙප්ට් එක ඉතා ඈත කාලයේ ඉදන් භාවිතා වුනත්, ලංකාවට තාම මේක අලුත් දෙයක්.




Data center shehan's thoughts
ඩේටා සෙන්ට ගොඩනැගිල්ලක්

ඉතිං කොහොම හරි පළවෙනි දවසෙම අපිට ඩේටා සෙන්ටර් එක ඇතුලේ ටුවර් එකක් යන්න ලැබුනා. ඩේටා සෙන්ටර් එකේ සර්වර් රූම්ස් ඇතුලටත් එක්කං ගියා.

ඇතුල් වෙන තැන ඉදලම හොඳටම ආරක්ෂා කරලා තියෙන තැනක් බව තේරැනා. මේ ඩේටා සෙන්ටර් එක වෙනම තියෙන බිල්ඩිමක්. වර්ග අඩි 15000-20000 ක් විතර විෂාලයි.

මේ ගොඩනැගිල්ලට ඇතුළුවෙන්න කලින් අපේ අයිඩින්ටි කාඩ් දීලා පාස් එකක් ගන්න ඕනේ. ඇතුල් වෙන තැනින් අපේ නම සහ විස්තර සටහන් කර ගන්නවා.

Data center security shehan's thoughts
අාරක්ෂක නිලධාරීන්




Data center CCTV cameras shehan's thoughts
CCTV කැමරා පද්ධති

මුලු පරිශ්‍රයේ හැම අගලක්ම සීසීටීවී කැමරා මගින් සජීවීව නිරීක්ෂණය කරමින් තිබුනා. සර්වර් රූම් එකට ඇතුළු වෙන දොරට තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් ලොක් එකක්. ඒක අරින්නේ අයි ඩී කාඩ් එකකින්. ඒවා තියෙන්නේ ඩේටා සෙන්ටර් එකේ වැඩ කරන Engineers ලාට විතරයි.




camera monitoring room shehan's thoughts
Monitoring Room
RFID card Shehan's thoughts
RFid Card ඒකක්

ඩේටා සෙන්ටර් එකකට මේ තරම් ආරක්ෂාවක් යොදලා තියෙන්නේ ඇයි කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ඩේටා සෙන්ටර්ස් ඇතුලේ ගොඩක් වටිනා ඩේටා ගබඩා කරලා තියෙන නිසා.

බැංකු ගණුදෙණු, හමුදාවන් වල හුවමාරු කරන රහස්‍ය තොරතුරු, රජයේ ආයතන වල තොරතුරු වගේ අධික වටිනාකමක් තියෙන තොරතුරු මේ සර්වර්ස් වල තියෙනවා.




Data center customers shehan's thoughts
Data cener customersලා

ඉතිං කස්ටමර් කෙනෙක් ඩේටා සෙන්ටර් එකේ එයාලගේ ඩේටා තැන්පත් කරන්නේ 100% ක්ම ඩේටා වල ආරක්ෂාව ගැන විශ්වාස නිසා. මේ විශ්වාසය දිනා ගන්න නම් මේ වගේ දේවල් කරන්නම වෙනවා.

DDos Attack Hacker attack Shehan's thoughts
හැකර් කෙනෙක්

මීට අමතරව නෙට්වර්ක් එකේ සෙකියුරිටි එක ගැනත් විවිධ පියවරවල් අනුගමනය කරලා තියෙනවා. Hacker Attacks, DDoS Attck වලින් මේ සර්වර්ස් ආරක්ෂා කරන්නත් එක එක ප්‍රොටෝකෝල්ස් පාවිච්චි කරනවා.


ඩේටා සෙන්ටර්ස් ගැන අපූරු තොරතුරු ටිකක් මම කියන්නම්.

1. Server Computers

Server Computers Shehan's Thoughts
Server පරිගණක


  1. ඩේටා සෙන්ටර් කියන්නේ විෂාල තොරතුරු ප්‍රමාණයක් ගබඩා කරලා තියෙන ස්ථානයක්. මේ තොරතුරු ගබඩා කරන්නේ සර්වර් පරිගණක වල. මේ සර්වර් පරිගණක සාමාන්‍ය පරිගණක වලට වඩා වේගවත් විෂාල මතක ගබඩාවක් සහිත පරිගණක. මේ සර්වර් අන්තර්ජාලය ට හෝ වෙනත් පෞද්ගලික ජාල වලට සම්බන්ධයි. ඒ නිසා පාරිභෝගිකයාට තමන්ගේ දත්ත මේ සර්වර් වල තැන්පත් කරන්නත් තැන්පත් කරපු දත්ත ආපසු ගන්නත් පහසුකම් තිබෙනවා.


Fixing a Server Shehan's thoughts
Server ඒකක් සකසන අවස්ථාවක්
ඩේටා සෙන්ටර් වල සර්වර් පරිගණක දවසේ පැය 24 පුරාම 365දවසේම නොනවත්වා ධාවනය වෙනවා. කිසිම වෙලාවක මේවා ෂට්ඩවුන් කරන්නේ නෑ. අඩු ගානේ එක තත්පරයකට හරි මේකක් ඩවුන් වුනොත්, කෝටි ගණනින් පාඩු ලබන්නට පාරිභෝගිකයාට සිදුවෙනවා.


සාමාන්‍ය මට්ටමේ ඩේටා සෙන්ටර් එකක සර්වර්ස් 1500ක් 2000ක් විතර තියෙනවා.


2. Air Conditioning

Server air conditioning Shehan's Thoughts
Server Airconditioning

මේ සර්වර්ස් හැම වෙලාවෙම වැඩ කරන නිසා මේවා වලින් අධික තාපයක් පිට වෙනවා. මේ අධික උෂ්ණත්වය අවම කරන්න සිද්ධ වෙනවා. එහෙම නොකලොත් මුලු සර්වර් රූම් එකම ගිනි ගන්නත් පුළුවන්.


Burnt Servers Shehan's thoughts
ගින්නකින් විනාශ වුනු Server ඒකක්

3. Electricity power

Power supply for data center Shehan's thoughts
Current ඒක දෙන විදිය

Battery Room Shehan's thoughts
Battery Room ඒකක්

අඛණ්ඩ විදුලිබලයක් සපයන්න ක්‍රම කීපයක් භාවිතා කරනවා. රටේ ජාතික විදුලිබල පද්ධතියෙන් එන බලයට අමතරව ups බැටරි ඇරේ එකකටත් සම්බන්ධයි. හදිසි විදුලිය ඇනහිටීමකදී ස්වයංක්‍රීයව බැටරි බලයට මාරුවන නිසා එක් තත්පරයක් වත් විදුලි සැපයීම නවතින්නේ නෑ. බැටරි බලය මගින් මිනිත්තු 30ක් පමණ විදුලිය සපයන්න පුළුවන්. ඒ අතරතුර ස්වයංක්‍රීයවම ජෙනරේටර් යන්ත්‍ර ක්‍රියාත්මක වෙලා නැවත ප්‍රධාන විදුලිය ලැබෙන තුරුම නොනවත්වා විදුලිය සපයනවා.

Generators Shehan's Thoughts
ජෙනරේටර්


සාමාන්‍ය ප්‍රමාණයේ ඩේටා සෙන්ටර් එකකට විදුලි බිල සදහා පමණක් එක් මාසයකට රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වැය වෙනවා.


4. World’s Largest Data center

Switch data center Shehan's Thoughts
ලොව විෂාලම Data center ගොඩනැගිලි පරිශ්රය


ලෝකයේ විවිධ ඩේටා සෙන්ටර්ස් තියෙනවා. මේ අතරින් විශාලතම ඩේටා සෙන්ටර් එක වෙන්නේ ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ තියෙන සිටැඩෙල් කියන ඩේටා සෙන්ටර් එක. මෙහි විශාලත්වය වර්ග අඩි මිලියන 1.5ක් පමණ වෙනවා. ඒ කියන්නේ ඇමරිකාවේ තියෙන පෙන්ටගනය තරම්ම විසාලයි. මෙහි ආරක්ෂාවට හමුදා පුහුණුව ලැබූ පෞද්ගලික ආරක්ෂකයින් යොදා ගෙන තියෙනවා.

Pentagon Shehan's Thoughts
පෙන්ටගනය

Security guard Shehan's Thoughts
අාරක්ෂන භටයෙක්


5. Facebook Data Center

Facebook data center Shehan's Thoughts
Facebook Data Center ඒක

Mark zuckerberg Shehan's thoughts
මාක් අයියා 

ඩේටා සෙන්ටර් වල තියෙන විවිධ දත්ත අතර එක් දත්ත වර්ගයක් තමයි වෙබ් අඩවි. ඔව් අපි එදිනෙදා පිවිසෙන වෙබ් අඩවිත් හොස්ට් කරලා තියෙන්නේ මේ වගේ ඩේටා සෙන්ටර් වල. Facebook කියන්නේ ලෝකේ තියෙන ලොකුම social media platform එක. මේකෙ බිලියන 2කට අධික users ලා පිරිසක් ඉන්නවා. ඉතිං මේ හැම කෙනෙක්ම අධික ඩේටා ප්‍රමාණයක් නිපදවනවා. Facebook එකේ දැනට photos විතරක් බිලියන 240ක් විතර upload කරලා තියෙනවා. මීට අමතරව හැම දවසකටම photos මිලියන 350ක් විතර අලුතින් upload කරනවා. මේ හැම photo එකක්ම තියාගන්න Facebook ලා එයාලගෙම වෙනම ඩේටාසෙන්ටර්ස් කීපයක් භාවිතා කරනවා. Facebook data center එක තමයි ලෝකේ දෙවනියට විශාලම Data center එක විදියට හදුන්වන්නේ. මෙහි විශාලත්වය වර්ග අඩි මිලියන  1.1ක්. මෙහි Exabyte කිහිපයක ධාරිතාවක් දත්ත ගබඩා කරන්න පුළුවන්. (එක්සාබයිට් එකක් ටෙරාබයිට් 1,048,576 ක් වෙනවා.)

6. Google Innovations

Google Data center Shehan's Thoughts
Google Server room

Google floating Data center Shehan's thoughts
නැවක් තුළ සෑදු ඩේටා සෙන්ටරය


Data center එකක වැඩිම වියදමක් යන්නේ විදුලි බලය වෙනුවෙන්. දවස පුරාම නොනවත්වා වැඩ කරන servers , AC වලට සෑහෙන power එකක් අවශ්‍ය වෙනවා. 2011 අවුරුද්දේ Google එකෙන් අපූරු අදහසක් ගෙනාවා. ඒ තමයි පාවෙන Data center එකක් ගැන අදහසක්. මුහුදේ නෞකාවක් ඇතුලේ data center එකක් හදන්න තමයි මේ අදහස. මුහුදේ ඇති වන මුහුදු රැළි මගින් ශක්තිය උත්පාදනය කරගෙන 100%ක්ම පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් වැඩකරන විදිහට තමයි මේක හදන්න යෝජනා කලේ.
7. New Underwater Data center from Microsoft


Microsoft underwater data center Shehan's thoughts
Data Center කැප්සියුලය දියෙහි ගිල්වමින්

Microsoft underwater data center Shehan's thoughts

Microsoft underwater data center Shehan's thoughts
දිය යට අැති Data center ඒක

මේ අතර 2018 අවුරුද්දේ Microsoft එකෙන් Data center ගැන අලුත්ම අදහසක් දුන්නා. ඒ තමයි මුහුද යට සිට ක්‍රියාත්මක වෙන Underwater Data center එකක් සෑදීම. ඇත්තටම Microsoft ලා එයාලගේ මේ අදහස සාර්ථක කර ගන්න සමත්වුනා මේ අවුරුද්දේ. මේ Data center එකේ තියෙන විශේෂත්වය තමයි Data center එකේ තාපය අඩු කරන්න 100% ක්ම පාවිච්චි කරන්නේ මුහුදු පත්ලේ ඇති උෂ්ණත්වය අඩු ජලය වීම. ඒ නිසා A.C වෙනුවෙන් වෙනම විදුලියක් වැයවෙන්නේ නෑ. ඒ වගේම මුහුදු රළ වලින් තමයි Server වැඩ කරන්න අවශ්‍ය විදුලි බලය නිපදවාගන්නේ.

Inside server room Shehan's thoughts
වැඩකරන Servers

Inside server room Shehan's thoughts
Server Room අැතුලත

Inside server room Shehan's thoughts
නවීන Server Room ඒකක්

Inside server room Shehan's thoughts



"ඉතිං සර්වර් රූම් එකට ඇතුල් වුනා. Server room හරිම සීතලයි. හැමතැනින්ම A.C කරලා. Room එක පුරාම උස වානේ Cupboard(රැක්) පිලිවෙලට පේලියෙන් පේලිය තිබුනා. ඒ කබඩ් ඇතුලේ server computers වල පුංචි කහපාට කොළපාට Led නිරන්තරයෙන්ම නිවි නිවී දැල්වෙන්නේ ඒවා හරහා හැම තත්පරයකම දත්ත ගලා යන නිසා. අද ලෝකයේ තාක්ෂණය මොන තරම් දියුණුද? අපේ රටත් ඒත් එක්කම දවසින් දවස ඉස්සරහට යනවා නේද? Server machine වල කංබිහිරි කරවන හඩ මැදින් මට හිතුනා."

Fire suppression system Shehan's thoughts
වරක් පමණක් භාවිතා කරන මෙම ගිනි නිවන සිලින්ඩරයක් රු 10 00000ක් පමණ වෙනවා.

Fire suppression system Shehan's thoughts
ගිනි නිවන උපක්රම



Comments

Experience of Ravindu Shehan

Experience of Ravindu Shehan
Experience of Ravindu Shehan

Shehan's creations

Shehan's creations
Shehan's creations

Shehan's thoughts

Shehan's thoughts
Shehan's thoughts

Engineer Ravindu shehan

Engineer Ravindu shehan
Engineer Ravindu shehan

Popular posts from this blog

ලංකාව තියෙන්නෙ දකුණෙ ( විනෝද චාරිකා)

ඉංජිනේරු රස කතා

කූඹියෝ ගැන

Dock

RLOGO

RLOGO