ඉංජිනේරු රස කතා

අපි ඉංජිනේරුවො. අපි වැඩකරන්නේ අලුත් තාක්ෂණය, උපකරන ඒක්ක. අපි ගණිතයට දක්ෂයි.  සමහරු හිතනවා අපි රාජකාරියටම අැලුණු කිසිම විනෝදයක් නැති පිරිසක් කියලා. ඒත් අැත්තටම ඉංජිනේරුවො කියන්නේ මිනිස්සුන්ගෙ ජීවිතවල ප්රශ්න විසදන්න මහන්සි වෙන විනෝදකාමී පිරිසක්. මම මේ කියන්නේ අැත්ත කියලා ඔයාලට තේරෙයි. මේ කතා ටික බලන්නකෝ.







කෝච්චි ගමන


ක්තරා සමුලුවකට සහභාගී වීම සදහා ඉංජිනේරුවන් තුන්දෙනෙකුයි  වෙෙද්‍ය වරුන් තුන්දෙනෙකුයි කෝච්චියෙ නැගලා ගියාලු . දොස්තරලා තුන්දෙනාගෙම අතේ ටිකට් ක ගානෙ තිබුනලු. ඉංජිනේරුවො තුන්දෙනාගෙන් ක්කෙනාටයිලු ටිකට් ගන්න මතක් වුනේ. දැන් ටිකට් චෙක් කරන කෙනා මේ කෝච්චි පෙට්ටියටත් අාවලු. චෙකර් ව අෑතදිම දැකපු ඉංජිනේරුවො තුන්දෙනා හොරෙන්ම ගිහින් දුම්රිය මැදිරියේ ක වැසිකිලියක් අැතුලට ගියාලු. ටිකට් චෙකර් කිනෙකාගේ ටිකට් චෙක් කරලා අවසානයේ වැසිකිලි දොරට තට්ටු කරලා " අැතුලෙ ඉන්න කෙනා කරුණාකර ටිකට් ක පෙන්වන්න" යැයි කිව්වලු. ඉංජිනේරුවො දොරේ කවුලුවෙන් ටිකට් කක් තල්ලු කළාලු. චෙකර් ටිකට් ක අරං පන්ච් කරලා අාපහු දුන්නාලු. 

මේ සිද්ධිය බලාගෙන හිටපු දොස්තරලා තුන්දෙනා  හිතුවලු මේක නියම වැඩේ නේ.! ඊළග පාර අපිත් මේක කරන්න ඔනේ කියලා

ඉතිං සමුලුව ඉවර වෙලා අාපහු න ගමනෙදි දොස්තරලා තුන්දෙනා ක ටිකට් කක් විතරක් අරගත්තාලු. ඉංජිනේරුවො තුන්දෙනත් මේ කෝච්චි පෙට්ටියෙමලු හිටියෙ. හැබැයි මේ පාර ඉංජිනේරුවන්ට ක ටිකට් කක් ගන්නත්  අමතක වුනාලු. 
සුපුරුදු පරිදි ටිකට් චෙකර් මේ පෙට්ටියට ගොඩවුනාලු. දොස්තරලා තුන්දෙනා ටිකට් එකත් අරගෙන දුවලා ගිහින් ක ටොයිලට් කක් අැතුලට රිංගගත්තාලු. එ්ක බලාගෙන හිටපු ක් ඉංජිනෙරුවෙක් ටොයිලට් කේ දොර ළගට ගිහිල්ලා කටහඩ බර කරලා කිව්වලු, "අැතුලෙ ඉන්න කෙනා කරුණාකර ටිකට් ඒක දෙන්න.!! "


සෝෂල් ඉංජිනියරිං.


 ඉංජිනේරුවන් බොහෝ විට සමාජශීලීකම අතින් අඩු පිරිසක් බව කවුරුත් දන්නා කරුණකි. ඔවුන් බොහෝවිට කෙනෙකු සමග කතා කිරීමේදී ද ලජ්ජාශීලී කමක් දක්වන අතර හොදින් මුහුණදී කතා කරන්නේද ඉතා අඩුවෙනි. මේ ඒ ගැන කියනා කතාවකි. 

 සාමාන්‍ය ඉංජිනේරුවෙකු හා සමාජශීලී ඉංජිනේරුවෙකු වෙන්කර හදුනා ගන්නේ කෙසේද? සාමාන්‍ය ඉංජිනේරුවෙකු ඔබට කතා කරන විට ඔහු ඔහුගේ සපත්තු දෙක දෙස බලාගෙන කතා කරන අතර සමාජශීලී ඉංජිනේරුවෙකු ඔබ සමග කතා කරන විට ඔහු ඔබගේ සපත්තු දෙක දෙස බලාගෙන කතා කරයි!! 


සුපිරිම කතාව


දවසක් අයින්ස්ටයින්, නිව්ටන් සහ පැස්කල් කියන විද්‍යාඥයින් තුන්දෙනා ක්රීඩාවක් කරන්න කතා වුනාලු. ක්රීඩාවට වැඩි දක්ෂකමක් නොදක්වපු මේ ගොල්ලු හැංගිමුත්තන් කරන්න කතා වුනාලු. අයින්ස්ටයින් අැස් වසාගෙන 100ට ගණන් කරන්න පටන් ගත්තලු. 

පැස්කල් කොහොම හරි දිනනවා කියලා හිතාගෙන ගිහින් කාටවත්ම හොයාගන්න අමාරු කාණුවක් අස්සේ හැංගුනාලු. 


නිව්ටන් කොහෙවත් යන්නෙ නැතුව ඒතනම බිම වාඩි වුනාලු. තමන්ගේ වටේට වර්ග මීටර් 1ක් වෙන සමචතුරස්රයක් අැන්දාලු. අැදලා දැන් මිනිහා මෙ කොටුව අැතුලෙ වාඩි වෙලා ඉන්නවාලු. 


100 ට ගැනලා ඉවර වෙලා අයින්ස්ටයින් අැස් අැරලා බලද්දි නිව්ටන් ඉන්නවලු බිම වාඩි වෙලා. මේක දැකලා අයින්සිටයින් කිව්වලු , නිව්ටන් මට ඔයාව පේනවා ඔයා පරාදයි කියලා. 


ඒ පාර නිව්ටන් මහ හයියෙන් කියනවාලු, අයින්ස්ටයින්, ඔයා මේ දකින්නේ වර්ග මීටර් ඒකක් මත නිව්ටන් ඒකක් ක්රියාකරන අවස්ථාවක්. පැස්කල් ඔයා පරාදයි!!! 




Safety ෆස්ට්




Safety  කියන්නේ ඉංජිනේරුවන්ට අතිශය වැදගත් කරුණක්.

 ප්රසිද්ධ ඉංජිනේරු වරයෙකු දේශනයකදී මෙසේ පැවසීය. 


 මා ඉංජිනේරු ශිල්පය හැදෑරීමට පෙර යම් කිසිවෙක් මගෙන් 1 + 1 කීයදැයි අැසුවොත් මා පිළිතුර දෙකයි යැයි කියනු අැත. 

නමුත් දැන් මගෙන් ඒය අැසුවොත් මම කියන්නේ "පිළිතුර දෙක බව මට හොදටම විශ්වාසයි, නමුත් අාරක්ෂාව ගැන සලකා බලා ඒය 3 ලෙස ගැනීම වඩාත් සුදුසුයි " කියලා. 



වැඩි පඩි ඉල්ලුවාම වෙනදේ..




රැකියා සම්මුඛ සාකච්චාවක් අවසානයේ HR මැනේජර් වරයා තරුණ ඉංජිනේරු මහතාගෙන් අවසන් ප්රශ්නය අැසුවා.
ඔබ අාරම්භක වැටුප ලෙස කීයක් බලාපොරොත්තු වෙනවාද? 
මාසෙකට රුපියල් ලක්ෂ 2ක්, නවක ඉංජිනේරුවා පිළිතුරු දුන්නා. 
හ්ම්..
ඔබ මොකද හිතන්නේ මාසික වැටුප රුපියල් ලක්ෂ 4ක් සහ සති 5ක නිවාඩුව සමග පඩි සහිත නිවාඩු දින 14ක් සහ රතුපාට බෙන්ස් රථයකුත් අායතනයෙන් ඔබට ලබා දුන්නොත්. මැනේජර් තුමා අැසුවා.

මොනවා! ඒක නම් අදහන්නත් අමාරුයි. ඔබ මාත් සමග විහිලු කරනවාද?
තරුණයා විමසුවා.

අනිවාර්යෙන්ම! නමුත් ඔබයි මුලින්ම පටන්ගත්තේ... 


අපාය හා දෙව්ලොව 




හදිසි අනතුරකින් මරණයට පත් වූ සිවිල් ඉංජිනේරුවෙකු පරලොව ගියාලු. දිවිය ලෝකේ යන්න හිතාගෙන හිටියත් ජීවත් වෙලා ඉන්න කාලේ කොන්තරාත්තු වලින් කොමිස් ගැසීමේ පාපය නිසා මෙයා ඉපදුනේ අපායෙලු. 
අපායට ගිය ඉංජිනේරුවාට අපායේ අැති පහසුකම් ගැන කලකිරුනලු. ඉතිං මේ ඉංජිනේරුවා දිවා රෑ වෙහෙසිලා වැඩ කරලා අපාය දියුණු කළාලු. අපාය අැතුලෙ ගමන් කරන්න සුපිරි මාර්ග පද්ධතියක් හැදුවලු. අපායෙන් ඉහළ පහළ යන්න විදුලි සෝපාන සවි කළාලු. අපායේ තියෙන රස්නය අඩුවෙන්න A/C සවි කළාලු. 

මෙහෙම ටික දවසක් යනකොට අපාගතවුනු ඉංජිනේරුවා ගැන අාරංචිය දිවියලෝකෙටත් ගියාලු. දිවිය ලෝකේ ඉන්න දෙවිවරු මේ ඉංජිනෙරුවව ඒහෙට ගෙන්න ගන්න කතාවුනාලු. 

ඉන් පස්සේ ඒක් දෙවියෙක් අපායේ යමපල්ලෙක්ට අැමතුමක් අරගෙන මෙහෙම කියනවලු. 

 දෙවියා : මේ කතා කරන්නේ දිවිය ලොකෙන්. ඔය අපායට අැවිත් ඉන්න ඉංජිනේරුවා දිවියලෝකෙට අයිති ඒක්කෙනෙක්. ඒයාව අපට දෙන්න. 


යම පල්ලා: ඒක නම් කොහොමත් කරන්න බෑ. මේ මනුස්සයා අාවට පස්සේ අපාය දැන් හරි දියුණුයි. දැන් මෙහෙ A/C ත් තියෙනවා. අපි මොහුව සදහටම අපායේ තියාගන්න තීරණය කරලයි තියෙන්නේ..!! 


මේක අහපු දෙවියට හොදටම කෙන්ති ගියාලු. 


දෙවියා: වහාම මේ ඉංජිනේරුවාව අපට බාර දුන්නොත් හොදයි. ඒහෙම නොකළොත් මම අපායට විරුද්ධව නඩු දානවා. 


යම පල්ලා : නඩු දාන්න නම් පුලුවන් වෙයි. ඒත් නඩුවට කතා කරන්න ඔබවහන්සේ නීතීඥයෙක් හොයා ගන්න හිතාගෙන ඉන්නේ කොහෙන්ද? මොකද ඒ ගොල්ලෝ සේරම ඉන්නෙත් මෙහෙ තමයි!! ( මහා හඩින් සිනා සෙමින්) දෙවියා අැමතුම විසන්ධි කළේය.

Comments

Experience of Ravindu Shehan

Experience of Ravindu Shehan
Experience of Ravindu Shehan

Shehan's creations

Shehan's creations
Shehan's creations

Shehan's thoughts

Shehan's thoughts
Shehan's thoughts

Engineer Ravindu shehan

Engineer Ravindu shehan
Engineer Ravindu shehan

Popular posts from this blog

ලංකාව තියෙන්නෙ දකුණෙ ( විනෝද චාරිකා)

කූඹියෝ ගැන

Dock

RLOGO

RLOGO