Posts

2019 අලුත් අවුරුදු තෑගි.

Image
අලුත් අවුරුද්ද උදා වෙලා. ගිය අවුරුද්දේ අලුත් අවුරුද්දට යහළුවන්ට නෑදෑයන්ට සුභ පැතූ හැටි තවම මතකයි. හරියට නිකං අද ඊයේ වගේ. අවුරුද්දක් ගෙවුණු ඉක්මන. දැං ඉතිං ඉදිරි මාස කිහිපය තුළ දිනය ලිවීමේදී 8 ඉලක්කම හා 9 ඉලක්කම මාරු වී ලියවීම සුලභ සිද්ධියක් වනු ඇත.



අලුත් අවුරුද්දක් උදාවෙනවාත් එක්කම සියලුම සෝෂල් මීඩියා හරහා සුභපැතුම් නොකඩවා ගලා ඒම සිදුවෙයි. 31 රෑ යහළුවන් සමඟ තමන්ගේ ආදරණීයයන් සමඟ ගත කිරීමට අපි කැමතිය. ඇතැම් අය ආගමික ස්ථානවල පන්සලේ හෝ පල්ලියේ වේවා නව වසර උදාව ගත කරයි. ඇතැම් අය නව වසරට ඇතුළුවීම උත්සවාකාරයෙන් සමරයි. කෙසේ හෝ වේවා නව වසරක් උදා වෙනවාත් එක්කම ගෙවුණු වසරේ සිද්ධවුණු දේවල් මෙනෙහි කරන්නත් නව වසරට නව අදහස් නව ඉලක්ක ඇති කරගන්නත් අපි හැම කෙනෙක්ම පෙළඹෙනවා.



ගිය අවුරුද්දේ බොහෝ දේවල් අපේ ජීවිත වල සිදුවුණා. ඒ අතර හොඳ මෙන්ම නරකත් තියෙනවා.  ගිය අවුරුද්දේ මට සිදුවුණ හොඳම සිදුවීම මේ විදිහට කියන්න කැමතියි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදිහට ඉගෙනගන්නවාට අමතරව අපි උසස් පෙළ හදාරන නංගිලා මල්ලිලා ට ප්‍රයිවට් ටියුෂන් දෙන එක ඉතිං අලුත් දෙයක් නෙවෙයිනේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපේ සහෝදරයොත් දෙහිවල රත්ම…

කිසිදා නොනිදන සීතල කාමර - Servers

Image
2018 අවුරුද්ද කියන්නේ අපේ බැච් එකේ 3වෙනි අවුරුද්ද. තර්ඩ් ඉයර් එකේ තමයි ඉන්ඩස්ට්‍රියල්  ට්‍රේනිං යන්න තියෙන්නේ. අපේ බැච් එකේ හැම කෙනෙක්ම ලංකාවේ විවිධ ප්‍රසිද්ධ ආයතන වල ට්‍රේනිං ගියා. ඉලෙක්ට්‍රිකල් අය C.E.B, LeCo අපේ ටෙලිකොම් කට්ටිය රටේ ප්‍රසිද්ධ දුරකථන සමාගම් වල ට්‍රේනිං ගියා. (SLT, Dialog,Mobitel...)

මටත් ලංකාවේ ප්‍රමුඛ පෙලේ සන්නිවේදන සමාගමක පුහුණුව ලබන්න අවස්ථාව ලැබුණා. ට්‍රේනිං කාලය මාස 6යි. මාස 6ටම ආයතනයේ එක එක සෙක්ෂන් වල මාරු වෙමින් පුහුණු වෙන්න අවස්ථාව ලැබුණා.
මෙහෙම ඉන්නකොට තමයි අපිව ඩේටා සෙන්ටර් එකට මාරු කලේ. (කලින් හිටපු සෙක්ෂන් එකේ පුහුණුව සම්පුර්ණ වුනු නිසා.)
ඩේටා සෙන්ටර් එකක් කියලා කියන්නේ හරි අපූරු තැනකට. මේක ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ තාක්ෂණයක්. ඩේටා සෙන්ටර් කියන කන්සෙප්ට් එක ඉතා ඈත කාලයේ ඉදන් භාවිතා වුනත්, ලංකාවට තාම මේක අලුත් දෙයක්.





ඉතිං කොහොම හරි පළවෙනි දවසෙම අපිට ඩේටා සෙන්ටර් එක ඇතුලේ ටුවර් එකක් යන්න ලැබුනා. ඩේටා සෙන්ටර් එකේ සර්වර් රූම්ස් ඇතුලටත් එක්කං ගියා.

ඇතුල් වෙන තැන ඉදලම හොඳටම ආරක්ෂා කරලා තියෙන තැනක් බව තේරැනා. මේ ඩේටා සෙන්ටර් එක වෙනම තියෙන බිල්ඩිමක්. වර්ග අඩි 15000-20000 ක…

ලංකාව තියෙන්නෙ දකුණෙ ( විනෝද චාරිකා)

Image
2018 අවුරුද්දේ දෙවෙනි සෙමෙස්ටර් එකේ  අපි කැම්පස් එකෙන් කිසිම විනෝද ගමනක් නොගිය නිසා, මේ පාර  කැම්පස් එකේ අපේ එකට කන බොන කොල්ලො ටික පොඩි ට්‍රිප්එකක් ගියා. මේ පාර අපි යන්න දාගත්තේ රටේ කෙළවරට. ඒ කිව්වේ මාතරට. මාතර කියන්නේ අපේ යාලුවා ලෝචාගේ ගම. ඒ හින්දා නවතින්න පහසුකම් නොමිලේම ලැබුනා.
                    කඩවතින් Highway ඒකට දාලා පැය 2ක් යනකොට මාතරට අාවා. ලෝචන ඉන්නේ මාතර කිව්වට මාතරම නෙවෙයි. මාතරට චූට්ටක් ඒහා තංගල්ලේ.. 

                    මාතරින් හක්මන පාරේ දාලා තංගල්ලටත් අාවායි කියමුකෝ. අැත්තටම අපේ ලෝචා ඉන්නේ තංගල්ලටත් චූට්ටක් ඒහා අම්බලන්තොට.. 

                   කොහොමින් කොහොම හරි පැය 5ක දීර්ඝ ගමනකින් පස්සේ අපි ලෝචනගෙ ගෙදරට අාවා. 

                   අාවට පස්සේ අපේ කොල්ලො හැමෝම කිව්වෙ, "ලෝචන උඹ අායෙ ලෙක්චර්ස් ඒන්න ඔ්නේ නෑ. අපි උඹටත් ඒක්ක සයින් කරන්නම්. Exam දවස්වලට විතරක් කැම්පස් වරෙං " කියලා.

                    අපි ගියෙ දවස් 2ක ට්‍රිප්එකක්. පළවෙනි දවසෙ උස්සන්ගොඩ. මෙතන හරි ලස්සන තැනක්. ලස්සනම ලස්සන මුහුදු වෙරල…

Experience of Ravindu Shehan

Experience of Ravindu Shehan
Experience of Ravindu Shehan

Shehan's creations

Shehan's creations
Shehan's creations

Shehan's thoughts

Shehan's thoughts
Shehan's thoughts

Engineer Ravindu shehan

Engineer Ravindu shehan
Engineer Ravindu shehan

Dock

RLOGO

RLOGO