ලංකාවේ උපාධි


** A/L කියන්නේ පනස් පන්දාස් ගානකින් 24000ක් තෝරාගන්න ආණ්ඩුවෙන් තියෙන විභාගයක් විතරයි. ** මේක මේ කෑගහන අයට තේරෙන්නෑ. දැන් මෙහෙමනේ. දැන් ඔය රස්සාවල් නෑ නෑ කිය කිය උද්ගෝෂණය කරන අය ඉන්නේ. එයාලට රස්සාවල් නැත්තේ රස්සාවල් වලට තෝරාගන්න තියෙන තරග විභාගයෙන් එයාලට pass වෙන්න බැරි වුන නිසානේ. 

** එතකොට දැන් ඇයි එහෙම විභාගෙකින් තෝරාගන්නේ.? මොකද ඒ ආයතන වල හැමෝටම රස්සා දෙන්න පුරප්පාඩු නැති හින්දනේ. 

** ඒ තරග විභාග වලින් සමත් වෙන සීමිත පිරිසකට විතරක් රැකියා දෙනවනේ. දැන් එතකොට මේ තරග විභාගය සාධාරණද? නෑ. තරග විභාගයෙන් ගත්තු ලකුණු ගාන මේ රස්සාව කරන්න අවශ්‍ය සුදුසුකමක් ද? නෑ.**

** ඒ විභාගයට පෙනී සිටින හැමෝටම ඒ රස්සාව කරන්න අවශ්‍ය සුදුසුකම තියෙනවා. ඒ තමයි ඒ අයගෙ උපාධිය. ** හැබැයි සුදුසුකම් තියෙන හැමෝටම රස්සා දෙන්න බැරි නිසා තමයි අාණ්ඩුවෙන් ඒ විභාගෙ තියන්නේ. 

දැන් ඔය සිද්ධියම ලංකාවේ උසස් පෙළ ගැන හිතලා බලන්නකෝ. 

** ලංකාව අැතුලෙ උසස් අධ්‍යාපනය ලබන්න සුදුසු බුද්ධි මට්ටමක් තියෙන දක්ෂ ළමයි ලක්ෂගාණක් ඉන්නවා. හැබැයි අාණ්ඩුවෙ කැම්පස් වල ඉඩ තියෙන්නේ 25000 කට විතරයි. ඉතිං මොකද කරන්නේ. තියෙනවා විභාගයක් උසස් පෙළ. 
** සමහරු හිතන් ඉන්නවා මේ විභාගය තනිකරම ළමයාගේ බුද්ධි මට්ටම සහ ළමයා සතු දැනුම මනින්න භාවිතා කරන මිනුම් දණ්ඩක් කියලා. ** 
** තව සමහරු හිතන් ඉන්නවා මේ විභාගයෙන් විශ්ව විද්‍යාල වරම් ලබන්නේ නැති අය බුද්ධි මට්ටම අඩු මෝඩ වැඩකට නැති පිරිසක් කියලා.** 

** මේ මත දෙකම වැරදී.. උසස් පෙළ විභාගයෙන් මනින්නේ ශිෂ්‍යයෙකුගේ දැනුම සහ බුද්ධි මට්ටම නෙවෙයි. ඒ වගේම මේ විභාගයෙන් විශ්ව විද්‍යාලයට යන්න බැරි වෙන ළමයි බුද්ධිමට්ටම ගොඩක් අඩු ළමයිනුත් නෙවෙයි. ** 
** මුලින්ම තේරුම් ගන්න ඔ්නේ උසස් පෙළත් ඒක් තරග විභාගයක් විතරයි කියන ඒක.** ඒ කියන්නේ විභාගෙ ලියන ළමයි මොන විදිහ වුනත් අාණ්ඩුවෙ කැම්පස් වල ඉඩ තියෙන්නේ 25000කට විතරයි. ඒයාලට ඔ්නෙ මේ ලක්ෂ ගාණෙන් 25000ක් විතරයි.** 
** අනිත් කාරණාව තමයි අවුරුද්දෙන් අවුරුද්ද උසස් පෙළ ලියන පිරිස වැඩි වෙනවා. ඒ වුනත් ලංකාවේ කැම්පස් වල ඉඩ වැඩි වෙනවාද?? නෑ. අර ගානම (25000) තමයි ගන්න පුලුවන්.** (ලංකාවේ ජනතාවගේ පරිගණක සහ වෙනත් සාක්ෂරතාවයන් ඉස්සරට වඩා වැඩී. ඒ කියන්නේ දැන් ඉන්න ළමයි මීට අවුරුදු 10-15කට පෙර ඉගෙන ගත්තු ළමයින්ට වැඩිය දක්ෂයි. තාක්ෂණික දැනුමත් වැඩී ) ** 

** දැන් මොකද වෙන්න... උසස් පෙළ විභාගය පුලුවන් තරම් අමාරු කරන ඒක තමයි රජයට තියෙන ඒකම විසදුම. නැත්තන් කොහොමද 25000ක් තෝරන්නේ** 
** ලංකාවේ උසස් පෙළ විභාගය අනවශ්‍ය තරම් අමාරු ඒකක් බව ලෝකයේ වෙනත් උසස් පෙළ විභාගයන් ඒක්ක බැලුවොත් තේරෙනවා.** 
** London A/L වගේ ඒකක් ඒක්ක බලන්න. ඒ ළමයි අපේ රජයෙන් හදපු විෂය නිර්දේශයට වඩා වැඩිපුර දේවල් ඉගෙනගන්නවා. ඒ Syllubus වල තියෙන ඒවා වලින් පොඩි කොටසක් විතරයි අපේ රටේ රජයේ Syllabus ඒකේ තියෙන්නේ.** 

** ඒ වුනත් අපේ උසස්පෙළ විභාගය අමාරුයි. අර විභාග අපේ ඒවා තරම් අමාරු නෑ. ** 

**හේතුව අපේ විභාගෙ තරග විභාගයක්. අනිත් රටවල තියෙන්නේ බුද්ධි පරීක්ෂණයක්.** 

**ඒ ළමයි 25000ක් නෙවෙයි ලක්ෂ ගාණක් Pass වුනත් ප්රශ්ණයක් නෑ. අැයි ?? රජය බැදිලා නෑ ඒ ළමයින්ට නොමිලේ උසස් අධ්‍යාපනය දෙන්න. ඒ ළමයි කොහොමත් යන්නේ Private Campus වලට.** 
** අවාසනාව තමයි අපේ උසස් පෙළ විභාගයෙන් සමත් වෙලා විෂ්ව විද්‍යාල සුදුසුකම් ලබන ළමයින් සතුව ලොකු දක්ෂතාවයක් හෝ දැනුමක් නෑ.** 
** ඒ ළමයි මේ ලෝකේ දක්ෂනම් ඒ ඒකදේකට විතරයි. ඒ තමයි විභාග Pass කරන කලාව.!! ඔව් ඒගොල්ලෝ කැම්පස් ගියාම හිතෙි ියෙන ඒකම හයිය ඒච්චරයි. ලෝකය ගැන තමන් ඉගෙන ගත්තු විෂය ගැන ලොකු දැනුමක් ඒ ළමයි ළග නෑ.** 
** A/L වලින් කැම්පස් යන්න ලැබුනු ඒක අැර වෙන කිසි දෙයක් ඒයාලා ළග නෑ. ** 
** Private campus ළමයි, කැම්පස් නොගිය ළමයි, සාමාන්‍ය රැකියා කරන ජනතාව සියලු දෙනාම ඒයාලට අනුව තමන්ට වඩා පහත් බුද්ධිය අඩු පිරිසක්. සමහරු මේ අන්ධ විශ්වාසයේ අන්තයටම ගිහින්. ඒයාලට අනුව තමුන් හදපු වඩපු දෙමව්පියන්ටත් වඩා අඩි ගාණක් උඩින් ඉන්නවා කියලා ඒයාලා විශ්වාස කරනවා.** ලංකාවේ අධ්‍යාපන ක්රමයේ තියෙන අඩුපාඩුව ඔ්කයි!! 
** තව දෙයක් තමයි මනුස්සයෙකුට රස්සාවක් කරලා හොදින් කාලා අැදලා ජීවත් වෙන්න උසස් අධ්‍යාපනයක් අවශ්‍ය වෙන්නේ නෑ.... කලා අංශයේ අැර අනිත් සෑම අංශයකම වගේ උපාධිධාරී අය කරන්නේ ගොඩක් සංකීර්ණ රැකියාවල් (ෙෙවද්‍ය , ඉංජිනේරු , තාක්ෂණික ) ඒ වගේ විෂයබද්ධ සංකීර්ණ රස්සාවල් වලට විතරයි උසස් අධ්‍යාපනයක අවශ්‍යතාවය තියෙන්නේ.!! විශේෂ රැකියා වලට විශේෂ දැනුමක් ඔ්නේ. ඒ දැනුම ගන්න තමයි කැම්පස් ගිහින් ඉගෙන ගන්නේ (සහ ප්රායෝගික පුහුණුව ලබන්නේ) . ඒ ඒ විෂය හදාරපු අයට ඒ විෂයානුබද්ධ දැනුම තියෙනවා. උදාහරණයක් විදිහට වෙෙද්‍ය වරයෙක් ගෙන් ඉංජිනේරු විෂය ගැටලුවක් අැහුවොත් ඒකට උත්තර දෙන්න ඒයාට දැනුමක් නෑ. දැන් අපි කියනවද ඒ දොස්තර මෝඩයි කියලා. නෑ. ඉංජිනේරුවෙකුගෙන් ඉංජිනේරු විශයට අදාළ ප්රශනයක් අැහුවොත් ඒයා අගේට උත්තර දෙයි. දැන් ඒ කියන්නේ ඒයා ඉතා බුද්ධිමත් කියලද? නෑ.              


දැනුම කියන්නේ බුද්ධිමත් කමටම නෙවෙයි. දැනුම බුද්ධිමත් කමේ කොටසක් පමණයි. දැනුම ගොඩක් නැති කෙනෙක් වුනත් බුද්ධිමත් කෙනෙක් වෙන්න පුලුවන්.ඒ වගේම තමයි බුද්ධිමත්කම අඩු දැනුම විතරක් ගොඩගහ ගත්තු අයත් ඉන්නවා.  ඒ නිසා මනුස්සයෙක් කැම්පස් නොගියත් සාමාන්‍ය රස්සාවක් කලත් ඒ කෙනා බුද්ධිමත් කෙනෙක් වෙන්න පුලුවන්.

  නැතුව මේ සාමාන්‍ය රස්සා හෝ ව්‍යාපාර කරන සියලු මිනිස්සු මෝඩයෝ නෙවෙයි..!!! **

Comments

Experience of Ravindu Shehan

Experience of Ravindu Shehan
Experience of Ravindu Shehan

Shehan's creations

Shehan's creations

Engineer Ravindu shehan

Engineer Ravindu shehan

Shehan's thoughts

Shehan's thoughts
Shehan's thoughts

Popular posts from this blog

ලංකාව තියෙන්නෙ දකුණෙ ( විනෝද චාරිකා)

කූඹියෝ ගැන

ඉංජිනේරු රස කතා