WTF CDMA??? ( ක්ෂේත්‍ර චාරිකාවක අසිරිය)





           ගිය සතියෙ කැම්පස් ඒකෙන් ගිය ක්ෂේත්ර චාරිකාවෙදි (Field Visit) ලැබුනු අත්දැකීම් ගැන තියන සටහන.


            විශ්ව විද්‍යාල ශි්‍ෂ්‍යයෝ විදියට ක්ෂේත්‍ර චාරිකා යන ඒක හැම කැම්පස් ඒකකම අනිවාර්ය දෙයක්. ඉතින් තුන්වෙනි වසරේ ඉංජිනියරිං ෆැකල්ටියේ අපිටත් ෆීල්ඩ් විසිට් යන සීසන් ඒක උදා වුනා. ඉංජිනියරිං ෆැකල්ටියෙ විවිධ ඩිපාර්ට්මන්ට් වලින් විවිධ තැන්වලට යන්න දාගෙන තිබුනා. සිවිල් ඉංජිනේරුවෝ (මේසන් බාස්ලා ටික) සර්වේ කෑම්ප් ඒකකට ට්රින්කො ගියා. මිකැනිකල් උං බෝතල් හදන කම්පැනියකට ගියා. ඉලෙක්ට්රිකල් ඉලෙක්ට්රොනික් ඩිපාර්ට්මන්ට් ඒකෙනුත් ෆීල්ඩ් විසිට් 2ක් දාගෙන තිබුනා. ඉලෙක්ට්රිකල් ඒකේ වයරින් බාස්ලා ටික (මම ඉරිසියාවට කියන කතා) නොරොච්චෝලේ විදුලි බලාගාරය බලන්න යන්න දාගෙන තිබුනා. ඉලෙක්ට්‍රොනික් ඩිපාර්ට්මන්ට් ඒකේ අපේ කට්ටිය යන්න ඕනේ ටෙලිකොමියුනිකේෂන් වලට සම්බන්ධ අාතනයකට. ඒ කිව්වේ මේ ටෙලිකොම්, ඩයලොග්, මොබිටෙල් වගේ. ගිය අවුරුද්දේ ජ්‍යේෂ්ට අයියලා අක්කලා ඩයලොග් ඒකට ගිය නිසා මේ පාර අපි මොබිටෙල් ඒකට ඒක්කන් යන්න තීරණය කරලා.



           අනේ අනිත් ඩිපාර්ට්මන්ට් වල කොල්ලො කෙල්ලෝ ටිකට නිකන් ක්ට්‍රිප් ඒකක් අැදුනා වගේ. දුර පැති වල, ත්රිකුණාමලේ අනුරාධපුරේ, ඉලෙක්ට්‍රොනික් ඒකේ අපි බොරැල්ලේ. සංසාරේ..!!



           කොහොම හරි 19 වෙනිදා උදේ 7 වෙද්දි හැමෝටම කැම්පස් ඒකට ඒන්න කියලා තිබුනා. කැම්පස් ඒකේ A/C බස් ඒක සෙට් කරලා තිබුනේ. කැඩ්ඩෝ ටික වෙලාවටම අැවිත් බස් ඒකේ. අපේ උන්දලා (Day Scholars) ටික ඉතිං සුපුරුදු පරිදි බස් ඒක අද්දන්න ඔන්න මෙන්න තියලා කැම්පස් ඒකට අාවා. යාන්තම් කොහොමහරි 8 විතර වෙද්දි කැම්පස් ඒකෙන් පිටත් වෙන්න පුලුවන් වුනා. අපි බයේ හිටියේ සිංදුවක්වත් කියාගන්න වෙලාවක් තියෙයිද කියලා. අැයි ඉතින් බොරැල්ලටනේ යන්නේ. ඒහෙම වුනොත් නම් අාපහු ඒන ගමන් බස් ඒක ගෝල්ෆේස් ඒකෙන් නවත්තලා හරි අපේ ෆන් ඒක ගන්නවාමයි කියලා කොල්ලො ටික කතා වුනා.



            පරක්කුවෙලා අාපු උන්ට පිංසිද්ධ වෙන්න බස් ඒක හොදට ට්රැෆික් ඒකට අහුවුනා. ඔෆිස් අැන්ඩ් ස්කූල් ටයිම් නිසා කොහොමත් සදුදා උදේට පාරවල් බ්ලොක්. ඒ නිසා හිතුව කරම් ඉක්මන්ට බොරැල්ලට යාගන්න බැරි වුනා.

දැ
            අපේ කොල්ලො කෙල්ලො ටිකට දැන් සිංදු කියන්න උවමනාව. ඒත් ඒක්කෙනෙක්ටවත් පටන් ගන්න ලැජ්ජයි. මේ වගේ වෙලාවක් බෝරිං වෙලා යන්න දෙන්න බෑ. අනිත් ඩිපාට්මන්ට් වල කට්ටියට පේන්න ෆන් ඒකක් දාන්නම ඔ්නෙ. ඩිපාට්මන්ට් ඒකේ ඉන්න ජ්‍යේෂඨම කොල්ලො දෙන්නගෙන් ඒකෙක් හැටියට මේ වගේ වෙලාවට ඒ වගකීම පැවරෙන්නේ මට. ශෙහාන් අයියේ..! සිංදුවක් පටන් ගමු..!! (ඒ අැරයුම කප්පාගෙන්). හරි හරි පටන් ගමු කොල්ලෝ..



            අා..     සල්ලි දීලා ගවුම මැහුවෙ අැදගෙන යන්න..     අල්ලි දෙකක් වත් දුර බෑ අඩිය තියන්න..
අැගට හිරට මහලා කොටට අැදලා බලන්න....
අදින්න මිනි ගවුම අදින්න....අදින්න මිනි ගවුම අදින්න //



            දැන් කට්ටිය ඒක දෙක සිංදු කියනවාය. ඒක පාරම මහ ගොරහැඩි හඩක් අැසුනි.

කෝ මේ පිටිපස්සේ නංගිලා ටික හයියෙන් අත්පුඩියක් දෙමු.!!


බස් ඒකේ ස්පීකර් වලින් ලෝචාගේ කටහඩ අැහෙන්නට විය. ඉස්සරහම සීට් ඒකේ හිටපු ලෝචා බස් ඒකේ මයික් ඒක අතට අරගෙන අාතල් දෙනවාය!!
            ලියතඹරා... මුදුකුසුමකි අෑ..     තවුසන් ගේ.. දැහැනේ සම බිදිනා
    අෑ ලෝකේ ජීවේ අැයයි..//

ලෝචන ඒම් මධුරංග ඉදිරි අසුනේ 😂


           ඩිපාට්මන්ට් ඒකේ ඉන්න ජ්‍යේෂඨම කියන Title ඒක අැත්තටම මට අයිති නැත. මම Intake 33 ඒකේ අපේ ඩිපාට්මන්ට් ඒකේ ඉන්න ජ්‍යේෂඨම Day Scholar පමණි. අැත්තම ජ්‍යේෂඨයො දෙන්නා නුවන් අයියා සහ ළහිරු අයියාය. ඔවුන් දෙන්නා අාමි ඒකේ ඔෆිසර්ස් ලා දෙන්නෙකි. අපිත් ඒක්ක ඒකට ඉගෙන ගනී. මේ දෙන්නා ගැන නම් නොකියාම බැරිය. මේ දෙන්නා අපිට වඩා සෑහෙන වැඩිමල්ය. කොච්චර වැඩිමල්ද කියනවා නම් නුවන් අයියා ළගදී බදින්න ඉන්න කොල්ලෙකි. ළහිරු අයියා නම් බැදලාය බබෙකුත් ඉන්නවාය. වයසින් කොච්චර වැඩිමල් වුනත් මේ දෙන්නා වැඩ අතින් නම් අපිව පරද්දයි. Intake ඒකේ බයිට් කප්පිත්තෝ දෙන්නා මේ දෙන්නාය. කිසි කෙනෙක් මේ දෙන්නාගේ කට නම් අවුස්සගන්නේ නැත. ක්රිකට් වලින් තොර ලෝකයක් නැත. බංග්ලාදේශ් මැච් ඒක පරාද වීම ගැන කියවමින් දෙන්නා පැමිණියේය.


           මේ මොබිටෙල් ඒක බොරැල්ලේ තියෙනවා කිව්වාට මේක තියෙන්නේ ප්රධාන පාරට පේන තැනක නෙවෙයි. අපේ බස් ඒකේ Driver ට මේක හොයාගන්න ඒක පහසු වුනේ නැත. මේක හොයාගන්න කොච්චර අමාරු වුනාද කියනවා නම් වැලිකඩ බන්ධනාගාරය ළගින් දෙපාරක්ම යාමට අපිට සිදු විය. මේක තියෙන්නේ ඒ තරම් අැතුලකය. " KDU ඒකෙන් අපිව හිරේ යවන්නද දන්නෑ බං හදන්නේ..?" 😂😂ලොක්කෝ දෙන්නා අාතල් දෙයි. කොහොමින් කොහොම හරි 9.30 විතර වෙනකොට අදාළ තැනට යෑමට අපිට හැකිවිය.

ලෙක්චර්ස් අතරතුර 🙌




           පැය 4ක් පමණ Mobitel ඒකේ අපි සිටියෙමු. විවිධාකාරයේ Lectures 5කට විතර සහභාගී වුනෙමු. ඒවාත් අැත්තටම ෆන්ය. ඒවා කරන්නෙත් අපේ ෆීල්ඩ් ඒකේම ඉංජිනියර්ස්ලාය. අපිත් කවදා හරි මේ වගේ තැන්වල වැඩ කරයි. මට සිතුනි. මොබිටෙල් පාවිච්චි කරන්නේ WCDMA තාක්ෂණයයි. ඩයලොග් පාවිච්චි කරන්නේ HSPA+ ය. CDMA කියන්නේ මොකක්ද? දන්න කෙනෙක් කියන්න බලන්න. Lecturer කෙනෙක් අපෙන් අැසුවේය. අා සර් අර CDMA Phone නේ. අර ලෑන්ඩ් Phone ඒක වගේ. ළහිරු අයියා අාතල් දෙයි. සර්ටත් හිනාය.😂😂😂
         
ලෙක්චර්ස් යන අතරතුර අපිට Refreshments ලබා දුන්නේය. දුන්න පලියට කන්නත් බැරිය. ඒක Lecture ඒකක් ඉවර වෙනකම් කෑම අතේ තියාගෙන නොකා සිටීමට අපිට සිදුවිය. Department ඒකේ කෑමට උපන්හපනෙකු වූ අත්තා (ළහිරු අත්තනායක) මේ අවස්ථාවේ කැම පිගාන දෙස නොබලා සිටියේ ඉතා අපහසුතාවයෙන් බව අපට දැකගත හැකිවිය. 😁😂😂

ළහිරු අත්තනායක



            Mobitel ඒකේ core ඒක අැතුලට අපිව ඒක්කන් ගියේය. මේක තමයි mobitel core ඒක. මේකෙන් තමයි ලංකාවෙම mobitel coverage ඒක control කරන්නේ. Core Room ඒක පට්ට සීතලය මනුස්සයෙකුට ඉන්න බැරි තරම්. BSC මැෂින් MSC මැෂින් විෂාල ප්රමාණයක් මෙහි අැත. ඒවා අධික ලෙස රත් වීම වැලැක්වීමට මෙසේ සීත කරතිබුණි. ඉංජිනියර්ස්ලා මේවායෙහි ක්රියාකාරීත්වය ගැන අපිට කියා දුනි. අපිත් සීතලේ ගැහි ගැහි ඒවා අහගෙන සිටියෙමු.😜😜😜


           මේ තමයි පුත්තලම BSC ඒක. මේකෙන් තමයි පුත්තලම Area ඒකේ Phone calls සේරම Control කරන්නේ. අඩේ මේ.. මේක Off කරමුද? නොරොච්චෝලේ ගිය ඒවුන්ට සිග්නල් නැති වෙලා යන්න. නුවන් අයියා රහසින් කියයි. කෙල්ලෝ ටික කට වහගෙන හිනා වෙයි.😅😅



           පැය කිහිපයකින් ගමනේ අවසානය පැමිණියේය. Mobitel ඒකෙන් පිටවී යෑමට පෙර සමූහ චායාරූපයක් ගැනීමට අපට අවශ්‍ය විය. (අැයි ඉතින් අාවා කියලා පෙන්නන්න දෙයක් තියෙන්න ඒපැයි) දැන් අපි Photo ඒකක් ගන්න Background ඒකක් හොයනවාය. "මචං Mobitel කියලා ගහලා තියෙන තැනක් අහුවෙන්න ගමු". අපි හතරවටේම බැලුවෙමු. Mobitel කියලා සදහනක් සහිත ඒක තැනක් වත් සොයාගන්නට අපිට නොහැකි විය. " මචං! Mobitel ඒකට කියලා අපි මේ අැවිල්ලා තියෙන්නෙ වෙන ඒකකටද දන්නෑ බං! අඩෝ අපි මේ ඒටිසලාට් ඒකටද දන්නෑ අැවිත් තියෙන්නේ..!! " 😂😂😂 ළහිරු අයියා අාතල් දෙයි. කිව්වත් වගේ මේ මුලු ගමනටම කිසිම තැනක Mobitel යන වචනය දැකගත නොහැකි විය. අපි මේ සිටින්නේ Mobitel ප්රධාන කාර්යයාලයේ වුවද කොහෙවත් Mobitel board ඒකක්වත් නැත. අවසානයේ ප්රධාන ගොඩනැගිල්ලට අැතුල්වෙන දොර ඉදිරි පිට ඉදන් සමූහචායාරූපය ගත්තෙමු.

ඔරිජිනල් සමූහ චායාරූපය නෙවෙයි.



           ගමන අවසානයේ අත්දැකීම් ගොන්නක් සමග නැවතත් KDU ඒක බලා අාවෙමු. මේ Field Visit ඒක ෆන්ය. ඊළග පාර Field Visit ඒක යන්නේ නැවකට! බමුණුසිංහ සර් දැනුම් දුන්නේය. ජය..!!

Comments

Experience of Ravindu Shehan

Experience of Ravindu Shehan
Experience of Ravindu Shehan

Shehan's creations

Shehan's creations

Engineer Ravindu shehan

Engineer Ravindu shehan

Shehan's thoughts

Shehan's thoughts
Shehan's thoughts

Popular posts from this blog

ලංකාව තියෙන්නෙ දකුණෙ ( විනෝද චාරිකා)

ඉංජිනේරු රස කතා

කූඹියෝ ගැන