කූඹියෝ ගැන

මගේ අදහස් ලියන්න කියලා කාලයක් තිස්සේ හිතාගෙන හිටියත් ඒකට අවස්ථාවක් ලැබුනේ නෑ. මේ බ්ලොග් ඒක ලියන්න අදහස් කලේ ඒ නිසා. නමෝ විත්තියෙන්ම ලියන පෝස්ටුව අපේ රටේ බිහිවුනු හොද නිර්මාණයක් ගැන කියලම පටන් ගන්න ඔ්න කියලා දැනුන නිසයි මේ මාතෘකාවෙන්ම පටන් ගත්තේ.



 ” කූඹියෝ ” මේක අපේ රටේ දක්ෂ තරුණයො පිරිසක් ඒකතු වෙලා කරපු, හරි අපූරු වැඩක්. මේ අපූරු බව නිසාම තමයි ලංකාවේ බාල, මහලු, තරුණ මේ කියන හැම පිරිසක්ම වගේ මේ ටෙලි නාට්‍ය වටා ඒකා වගේ ඒකතු වුනේ. මේ කතාවේ වීරයා ජෙහාන්. අැත්තටම ඒයා වීරයෙක්ට වඩා ප්රතිවීරයෙක්. ඒ කියන්නේ Anti Hero කෙනෙක්. මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මෙයාට තියෙනවා සුපිරි මොළයක්. අපි ඒදිනෙදා ජීවිතේ කරන පුංචි පුංචි දේවල් , අපිට හිතාගන්නවත් බැරි විදිහට ලොකු ගේම් බවට පෙරලන්න ජෙහාන්ට පුලුවන්. කොටින්ම කිව්වොත් විදේශිකයෙක් වගේ කතා කරලා ඔ්න කෙනෙක්ගෙන් පෞද්ගලිකවම උදව් සහ විස්තර ලබා ගන්න, පොත්වල පත්තර වල තියෙන ලිපි ඒකතු කරලා සගරාවක් හදලා ඒක විකුණලා ලක්ෂ ගණන් හොයන්න විතරක් නෙවෙයි ලොකු ලොකු අායතන, දේශපාලන පක්ෂ, පාතාල කල්ලි කනෙන් අල්ලලා දන ගස්සවන්නත් ජෙහාන්ට පුලුවන්. ජෙහාන් මේ හැම දෙයක්ම කරන්නේ කොළඹ නගරයේ තියෙන පාලුවට ගිය වසාදැමූ පරණ කර්මාන්තශාලාවක ගොඩනැගිල්ලක් අැතුළෙ ඉදගෙන බොහොම හොර රහසෙ. රටේ ඉහළම බුද්ධි අංශයකටවත් හොයා ගන්න බෑ මේ ජෙහාන්ව.




ජෙහාන්ට මේ හැම වැඩකටම හෙවනැල්ල වගේ පිටිපස්සේ ඉදන් උදව් කරන්නේ දර දිය අදින්නේ හද්දපිටිසර මහඋල්පතගම ගමේ ඉදලා කොළඹ අාව ප්රියන්ත මල්ලි. ජෙහාන් අයියගෙයි ප්රියන්ත මල්ලිගෙයි සුසංයෝගය හරි රහට අපේ රටේ ප්රේකෂකයින්ට දැනෙනවා. සමහරු කියනවා ප්රියන්තයි ජෙහානුයි ඒකතු වුනාම ෂර්ලොක් හෝම්ස් සහ වොට්සන් වගේ කියලා. තව පිරිසක් වාද කරනවා මේ දෙන්නගේ ඒකතුව Breaking Bad TV Series ඒකේ Walter white සහ Jesse Pinkman වගේ කියලා. කවුරු මොන විදිහට රස වින්දත් මේ කතාව වටා ඒකතු වුන ප්රේක්ෂක පිරිස දිනෙන් දිනම වැඩි වුනා.





ප්රේක්ෂක ප්රතිචාරය මොනතරම්ද කියන ඒක අපිට පසුගිය රයිගම් ටෙලි සම්මාන උලෙලෙදී හොදාකරවම දැකගන්න ලැබුනා. වසරේ ජනප්රියතම ටෙලි නාට්‍ය කූඹියෝ වුනා විතරක් නෙවෙයි, වසරේ ජනප්රියතම නලුවා ජෙහාන් ගේ චරිතය රගපාපු තුමිදු දොඩම්තැන්නට හිමි වෙනවා. කූඹියෝ ගැන කතා බහක් රටේ හැම තැනම අැති වෙනවා. ඒක ඉතාම බොලද වීර කතාවක ඉදලා ඉතා ප්රබුද්ධ තලය වෙනකම් විහිදෙනවා. පාසල් ළමුන්, වැඩිහිටියන් හැම කෙනෙක්ගෙම අතරේ කූඹියෝ කතා බහට ලක් වෙනවා. අපේ රටේ මන්ත්රීවරු සහ අැමතිවරු පවා පාර්ලිමේන්තුව තුළ මේ ජෙහාන්ගේ චරිතය ගැන කතා කරනවා විවිධ සංවාද වලදී. රටේ ප්රසිද්ධ කලා කරුවන් , නාට්‍යවේදීන් සහ සිනමා වේදීන් පවා ප්රසිද්ධියේ සංවාද වල කතාබහ කරනවා කූඹියෝ ගැන. ජනප්රිය නිර්මාණ වලදි වැඩිපුර දැකගන්න නොලැබුනු තුමිදුට(ජෙහාන්) සහ කලණට(ප්රියන්ත) විවිධ නිර්මාණ ගණනාවකට දායකවෙන්න මග පෑදෙනවා.






මේ භෞතික ලෝකයේ විතරයි. සයිබර් අවකාශයේ තත්වය මීට වඩා විශාලයි. කූඹියෝ වෙනුවෙන්ම කැපවුනු Fan page , Groups ගණනාවක් සමාජ ජාලා තුළ පැතිරෙනවා. මේ Group අැතුලෙ සතියේ දින 7 පුරාවටම විවිධ සංවාද විවාද සිදු වෙනවා. මේ අය අතරින් කූඹියෝ වැඩි පිරිසක් නරඹන්නේ Youtube Video විදියට මිසක් TV ඒකෙන් නෙවෙයි. කූඹියෝ කතාව අලලා විවිධ Fan Fiction හැදෙනවා. කූඹියෝ Comic ඒකක් නිර්මාණය කරන්න නිෂ්පාදකවරු තීරණය කරනවා. ඒ විතරකුත් නෙවෙයි කූඹියෝ පරිගණක ක්රීඩාවක් විදිහටත් ගේන්න වැඩපිලිවෙලක් සකස් වෙනවා. සම්මාන උලෙලවල් වලින් කූඹියෝ දිනවන්න කූඹි fans ලා දිවා රෑ වෙහෙසෙනවා. මුහුණු පොතේ කූඹියෝ උන්මාදය මොනතරම්ද කියනවා නම් කූඹි fansලා තමන්ගේ Profile Picture ඒක කූඹියෝ theme ඒකට හදපු තමන්ගේ නම සදහන් Photo ඒකකින් සරසගන්නවා. කොටස් 57ක් විතරක් විකාශය වුනු සති 29න් විකාශය වෙලා අවසන් වුනු මේ පුංචි ටෙලිනාට්‍ය අපේ රටේ ප්රේක්ෂකාගාරය ජය ගත්තේ මේ වෙනකොටත් ලංකාවේ මහාපරිමාණයෙන් විකාශය වෙන සතියේ දින 7ම පෙන්වන ටෙලි නාට්‍ය ගණනාවක් පරාජය කරමින්. මේක අැත්තටම කූඹියෝ ලබපු අති විශාල ජයග්රහණයක්.



 අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මමත් කූඹියෝ පිස්සුවෙන් වගේ නරඹපු චරිතයක්. මගේ කතාව කියනවා නම්, අැත්තටම කූඹියෝ episode 23 ක් යනකම් මම මේක ගැන දැනගෙන හිටියේ නෑ. මගේ බෝඩිමේ ඒකට ඉන්නා මිත්රයෙක් තමයි මාවත් කූඹි කන්න අැබ්බැහි කළේ. පළවෙනි Episode ඒක බැලුවට පස්සේ මට ඊළගට වෙන දේ දැනගන්නකම් ඉවසිල්ලක් නැතිව ගියා, රෑ 9 ට බලන්න පටන් ගත්තු මම පහුවදා පාන්දර 5.00 වෙනකම් ඒක හුස්මට ඒක මිනිත්තුවක් වත් මගනොහැර Youtube හරහා මේ කතාව බැලුවා. පහුවදා University ගියෙත් නෑ. ඒදා ඉදලා මමත් Radical කූඹියෙක්. කතාවේ අවසානය වෙනකම් බලන් හිටියේ හරිම නොඉවසිල්ලෙන්. මේ වෙද්දි කූඹියෝ අවසන් වෙලා තිබුනත් අැත්තටම ජෙහාන් සහ ප්රියන්ත හරහා අපේ හිත් වල ඉතුරු කරලා ගිය ඒ අත්දැකීම ජීවිතේටවත් අමතක වෙන්නේ නැති වෙයි. ඉතින් මේ අපූරු ටෙලි නිර්මාණය ලංකාවේ ප්රේකෂයන්ට ලබා දුන්නු ලක්මාල් ධර්මරත්න, දමිත චන්ද්රසිරි , අසංක දොඩම්තැන්න සහෝදර වරුනි ඔබ ලැබූ මේ ජනතා අාදරයට සුභපැතුම්. ඒවගේම මෙම නිර්මාණයට දායක වූ සියලූම ශිල්පීනි, තව තවත් මේ වගේ නිර්මාණ අපේ රටට ලබා දෙන්න. ස්තූතියි! ඔබට ජය!

Comments

Experience of Ravindu Shehan

Experience of Ravindu Shehan
Experience of Ravindu Shehan

Shehan's creations

Shehan's creations

Engineer Ravindu shehan

Engineer Ravindu shehan

Shehan's thoughts

Shehan's thoughts
Shehan's thoughts

Popular posts from this blog

ලංකාව තියෙන්නෙ දකුණෙ ( විනෝද චාරිකා)

ඉංජිනේරු රස කතා