2018 වැලන්ටයින් තෑගි


           අනිත් හැම අවුරුද්දක් වගේම 2018 අවුරුද්දත් මට හිතෙන හැටියට නම් වෙනස් අලුත් Excitement පිරුණු අවුරුද්දක්. තවමත් මේ අවුරුද්දෙ මැදට ළගා වෙලා නැතත්, මට ඉවෙන් වගේ දැනෙන දෙයක් තමයි මේ අවුරුද්ද "ජයින් ජයම" ලැබෙන අවුරුද්දක් කියන ඒක. වාසනාව, ග්රහචාරය, සුභ මොහත, රාහු කාලය වගේ දේවල් ගැන වැඩි විස්වාසයක් නැතත් මම හැම මොහොතකම හිතන දෙයක් තමයි හැම කෙනෙක්ටම හොදක් සිද්ධ වෙන්න කියලා හිතන ඒක.


           මේ Post ඒක දාන්න හිතුනෙ පහුගිය දවසක මගෙ ජීවිතයෙ සිද්ධ වුනු යම් සිදුවීමක් නිසා. අැත්තටම මේ සිද්ධියෙන් පස්සේ වාසනාව ගැන මගේ හිතේ තිබුනු හැගීම යම් තරමකින් වෙනස් වුනා කිව්වොත් හරි.


            මගේ පෙම්වතිය ටිකක් කටකාර දගකාර කෙනෙක්. ජීවිතේ හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් ඉන්න තමයි ඒයා කැමති. කිසිම දෙයක් දිහා සාම්ප්රදායික විදිහට බලන්නේ නෑ.



මම : නියමයි! හෙට නිවාඩු දවසක්. දවසම ගෙදරට වෙලා relax ඒකේ ඉන්න පුලුවන්.
ඒයා : ෂා!! හෙට නිවාඩු. කොහෙද අපි දෙන්නා හෙට යන්නේ.



මම : අද නම් පට්ට tired දවසක්. අද හන්දියෙ කඩෙන් කනවා Fride rice ඒකක්.. බඩ පැලෙන්න.
ඒයා : අනේ.. හැමදාම ඒකම කඩෙන් කන්න බෑ.. අද අපි අලුත් තැනකින් කමු..



මම : අර පාටියට මොකක්ද අදින්නේ.?
ඒයා : මේ මේ.. මේ පාර නම් ඔය හැමදාම අදින අැදුම් අදින්න බෑ හොදේ.. අපි දෙන්නා මේ පාර මැච් කරලා අදිමු..


           කොටින්ම කිව්වොත් තනිකරම මගේ අනිත් පැත්ත. ඒක විදියකට හිතුවොත් කරදරක් වගේ හිතුනත්, ඒයත් ඒක්ක ගත කරන ඒක තත්පරයක්වත් හිතේ දුකක් කනස්සල්ලක් විදියට දැනෙන්නෙ නෑ. මම තනියෙන් හිටියම Boring විදියට ගෙවන ජීවිතයට excitement ඒකක් ගේන්නේ ඒයා. සමහර වෙලාවට හිතෙනවා මගේ ජීවිතේ ලොකු අඩුවක් පුරවනවා කියලා ඒයා.


            මම අකමැති ඒයා ගොඩක් අාසා කරන තවත් දෙයක් තමයි තරග කරන ඒක. අැත්තටම University ඒන්න කලින් මම තරගයකට ඉදිරිපත් වුනු කාලයක් මතක නෑ. ස්වභාවිකවම මම තරග කරන්න කැමති නෑ. තරගයක් කියන්නේ මගේ මනසට නම් මහ පීඩනයක්. තවත් මනුස්සයෙක්ව පරාද කරන්න මහන්සි වෙන ඒක, මම නම් හැමවෙලාවෙම විශ්වාස කරන්නේ මනුස්සයෙකුට ලැබෙන්න ඔ්නේ ඒයාට ලැබෙන්න සුදුසු දේ විතරයි. බොරුවට ගේම් ගහලා වංචා කරලා ස්වභාවධර්මයට විරුද්ධව ගිහින් අපි දෙයක් ලබා ගන්න ඒක වැරදී. මොකද තරගයකදී හැම කෙනෙක්ම උත්සහ කරන්නේ දිනන්න විතරයි. කවුරුවත් අාසාවට සහභාගී වෙන්නේ නෑ. ඉතින් ඒතන ඉතුරු වෙන්නේ තනිකරම ගැටුමක් විතරයි.


            කොහොමින් කොහොම හරි පහුගිය දවසක වැලන්ටයින් දිනය වෙනුවෙන් මුණුපොතේ පොඩි තරගයක් පැවැත්වුනා. මේක සංවිධානය කලේ Huwawei Mobile සමාගමෙන්. මේකෙදි කරන්න තිබුනේ අාදරය කරන යුවල වලට තමන්ගේ Selfie ඒකක් මේ තරගයට Upload කරන ඒක. මේකෙන් යම් පිරිසක් මුලින් තෝරා ගන්නවා. ඊට පස්සේ Selfie ඒකට වැඩිම Likes ගණනක් තියෙන Couple ඒක තමයි ජයග්රහණය කරන්නේ.


            මගේ අාදරවන්තිය ගැන කියපු විස්තරය අනුව ඔ්න කෙනෙකුට හිතාගන්න පුලුවන් මොකක්ද වුනේ කියලා. ඔව්! ඒයා මේ තරගයට අපි දෙන්නාගේ Photo ඒකක් දාලා. අපි දෙන්නා දෙවෙනි වටයටත් තේරිලා.! මෙතන ඉදලා තමයි යුද්ධෙ පටන් ගන්නේ. දැන් ඉතින් උදේ රෑ නිවනක් නැතුව like වලට යුද්ධෙ. මූණූපොතෙන් ඒයාගේ යාලුවෝ, මගේ යාලුවෝ, නෑදෑයෝ, අපි දෙන්නගේ ඉස්කෝලේ කාලෙ යාලුවෝ විතරක් නෙවෙයි මම උගන්නපු ගෝලයොත් මේ වැඩේට අපිට සහයෝගය ලබා දුන්නා.


            මේ හැම කෙනෙක්ගෙම උදව්වෙන් අන්තිමේදී දිනුවේ අපේ Selfie ඒක. අපි දෙන්නටම මාර Happy. මට නම් හිත අැතුලෙන් ලොකු හෙම්බත් වීමකුත් දැනුනා.




           තෑග්ග තමයි Huwawei Nova 2i දෙකක්. තෑග්ග දිහා බලපුවාම තරගෙ නරකමත් නෑ කියලා හිතුනා.Mid range ඒකේ Phone ඒකක් වුනත් Nova 2i කියන්නේ අැත්තටම හොද Phone ඒකක්. Quad camera, 4GB RAM, 64GB Internal Memory. Market Price ඒක 44000/= විතර වෙනවා. අැත්තටම මේ Phone ඒක ගොඩක්ම ප්රසිද්ධ Photography වලට. Front and back දෙකේම Dual camera තියෙන නිසා ඩෙප්ත් Effect ඒක ඒන විදිහට DSLR Camera ඒකක වගේ Photos ගන්න පුලුවන්. සාමාන්‍ය දෙයක Photo ඒකක් ගත්තත් ඒක ලස්සන කරලා ගන්න පුලුවන්.😎 අැත්තටම මේ Depth Effect ඒක ගැන දන්නෙ නැතුව මේකෙන් Selfie ඒකක් අරං හරි අැබැද්දියක් වුනා. යාලුවො ඒක්ක ගත්තු Selfie ඒකේ, මාව හොදට Focus වෙලා ඉද්දි මට වඩා අගල් ගානක් පිටිපස්සෙන් හිටපු යාලුවො සෙට් ඒකම Blur වෙලා. 😁😁😁😁


මේ තියෙන්නෙ තෑගි දෙක


මේසෙ උඩ තියෙන Stapler ඒ වුනත් ලස්සනට පේනවා

කොල්ලො ටික ගැම්මට හිටියට Background ඒක Blur වෙලා 😅😅

            තෑග්ග ගන්න සති 2 කට පස්සේ WTC ඒකේ 31 වෙනි තට්ටුවෙ Huawei Head Office ඒකට යන්න වුනා. Phone දෙක හම්බුනාට පස්සේ යාලුවොන්ගෙන් බේරුමක් නෑ.University ඒකේ Vote කරපු හැමෝටම Treats දුන්නා. මේ දිනුම ගැන හැමෝටම සතුටුයි.

            පුදුමය කියන්නේ මේ තරගයෙන් අපි දිනපු ඒක නෙවෙයි. අපි දෙන්නා අාදරේ කරන්න පටන් අරං අවුරුදු 2ක් වෙද්දි අපි දෙන්නා දිනලා තිබුනු විවිධ තරග ගැන මතක් වුනා. University ඒකේ අපි දෙන්නා සහභාගී වුනු හැම තරගයකින්ම වගේ දෙන්නා දිනලා තියෙනවා. ඒවත් මේ වගේ වටිනා තෑගි. දෙන්නටම ඒකම විදියට. මේක මම විතරක් කියන දෙයක් නෙවෙයි. අපි දෙන්නගේ යාලුවො හැමකෙනෙක්ම මේ බව දැකලා තිබුනා. සමහරු කිව්වා අපි දෙන්නට Lottery ටිකට් ගන්න කියලා. " උඹලා දෙන්නගෙ තියෙන් Luck ඒකේ හැටියට Sweep ඒකක් වුනත් අැදෙනවා! "

           මගේ ඒකාකාරී ජීවිතයට පැණි රසක් ඒකතු කලේ අැයයි. නමුත්.. මගේ ජීවිතයේ වාසනාවත් අැයමද? අැත්තටම වාසනාව කියලා දෙයක් මේ ලෝකෙ තියෙනවද? මගේ Critical Mind ඒක Emotions ඉදිරියේ ගල් ගැහුනා..

           තවත් දවසක අලුත් අත්දැකීමකින් හමුවෙමු.. ජය..!!

Comments

Experience of Ravindu Shehan

Experience of Ravindu Shehan
Experience of Ravindu Shehan

Shehan's creations

Shehan's creations

Engineer Ravindu shehan

Engineer Ravindu shehan

Shehan's thoughts

Shehan's thoughts
Shehan's thoughts

Popular posts from this blog

ලංකාව තියෙන්නෙ දකුණෙ ( විනෝද චාරිකා)

ඉංජිනේරු රස කතා

කූඹියෝ ගැන